15484. සුදිලි පළිඟු ලෙසින්

1 සුදිලි පළිඟු ලෙසින්
සුරපුරෙන් ගලනා
ගඟ ළඟදී සුදනන්
එක්වමුද තොසිනා

ඔව් රුවැති සසොබන
ගලන දෙව් සිහසුන කෙරෙන්
ගඟ ළඟදී සුදිලෙන
එක්වමුව සන්තොසින්

2 රිදී ජලෙන් බබළන
ගඟ ඉව්රෙදි රුවැත්
සන්තොසින සැම දින
නමදිමු සුර පුත්

3 සුදිලි ඒ ගඟ ළඟ
පැමිණ මිදී දුකින්
මෙලෝ හැර සිතු රඟ
ලබමු කිරුල් රුවන්

4 සුනිමල්වු ගඟ නිතින්
හිමි වතින් බබළයි
අමරණීය සුදනන්
දෙන තොස් ගී එහි වෙයි

5 දැන්ම යමි ගඟ ළඟ
දැන්ම දුක නැතිවෙයි
දැන්ම වේය මන දඟ
දැන්ම සග සෙත් ලැබෙයි

Text Information
First Line: සුදිලි පළිඟු ලෙසින්
Title: සුදිලි පළිඟු ලෙසින්
English Title: Shall we gather at the river
Author: Robert Lowry
Translator: John Simon de Silva
Refrain First Line: ඔව් රුවැති සසොබන
Language: Sinhala
Copyright: Public Domain
Tune Information
Name: [සුදිලි පළිඟු ලෙසින්]
Composer: Robert Lowry
Key: D Major
Copyright: Public Domain



Media
MIDI file: MIDI
More media are available on the tune authority page.

Suggestions or corrections? Contact us