15463. දෙව්දූතුන්ගේ වැඳුම් ලත් හිමි තුමා

1 දෙව්දූතුන්ගේ වැඳුම් ලත් හිමි තුමා
මිනිස් හට ආලේ බැන්දේ කිමා
එඬේරෙක් මෙන් සොයා ආවේ මුළාවුන්
කීම නම් නොහැක් මැයි කොයි ලෙසින්වත්
ඒ මුත් දනිම් ඒ මරියාණන් පුත් බැව්
බෙත්ලෙහෙම් ගාල වූ එකම නිවෙස්
නාසරැත්හී වඩුවෙක්ව විසීය
ඔව්, ක්‍රිස්තුස යේසුස් මිදුම්කරු ආසේක්ය

2 යටහත්ව ලෝ දුක් සයුර මැදින්
මඟ ගෙව්වේ කෙසේ වසක් තිස් තුන්
පැළුණේ හද කුරුසෙහි මන්ද
කීම නම් නොහැක් මැයි කොයි ලෙසින්වත්
ඒ මුත් දනිම් පව් දුරලයි එතුමා
සුවකරයි බිඳුන සිත් සැමා
මා බරද සැහැල්ලු කර දේය
ඒ ක්‍රිස්තුස් යේසුස් මිදුම්කරු මෙහිය

3 ජාතීන් සැමා කෙසේ දිනාගනීද
පෙරාපර සියල්ලන්ගේ පැතුම්ද
සපුරා කෙසේ තුටුකරයිද සිත්
කීම නම් නොහැක්මැයි කොයි ලෙසින්වත්
ඒ මුත් දනිම් ඒ තේජස් ලෝ පැතිරෙයි
එක් රැස් කරයි එතුම අස්වැන්නත්
එයම වේය සෙත්ලත් තෙදැත් දිනේ
ඒ ක්‍රිස්තුස් යේසුස් මිදුම්කරු පෙනෙන්නේ

4 හිමි බස් අසා නැවති දා ගොසා
ජාතීන් එක්සත්ව වඳින ලෙසා
පෙමින් බැතින් සිත් පිරී තිබූ නිසා
කීම නම් නොහැක්මැයි කොයි ලෙසින්වත්
ඒ මුත් දනිම් මම අහස් කුස් ඒ රැව්
දස දහස් දූත ගී නද බැව්
සග පොළෝ තරඟෙට පවසත්
දැන් ඉතින් යේසුස් ක්‍රිස්තුස් රජිඳු වෙයි

Text Information
First Line: දෙව්දූතුන්ගේ වැඳුම් ලත් හිමි තුමා
Title: දෙව්දූතුන්ගේ වැඳුම් ලත් හිමි තුමා
English Title: I cannot tell why He whom angels worship
Author: William Y. Fullerton
Translator: C. M. Elanagasekara
Meter: 11.10.11.10 D
Language: Sinhala
Copyright: Public Domain
Tune Information
Name: LONDONDERRY
Meter: 11.10.11.10 D
Key: D♭ Major
Source: Irish Tune
Copyright: Public Domain



Media
Adobe Acrobat image: PDF
MIDI file: MIDI
Noteworthy Composer score: Noteworthy Composer Score
More media are available on the tune authority page.

Suggestions or corrections? Contact us