15460. තේජසේ කුමරා මළ

1 තේජසේ කුමරා මළ
විස්මපත් කුරුසේ දෙස
බැලූ කල මාගේ බල
බිඳෙයි ගරුමන් නොලස

2 සමිඳුගේ කුරුසිය
මිස අන් කිසිවක් ගැන
පාරට්ටු කීමක් මා පිය
නොකියන්ට දුන මැන

3 මට ඉතා ලාබ ඇති
දේ ගැන මමි නොසිතමි
මා තොස් දෙන පාප රුති
ඔබ ලේ නිසා හරිමි

4 බලව් ඒ අත් පා හිසින්ද
දක්වන මහත් ආදරේ
එවැනි පෙම් හා දුකද
දුටුවහුද කොයි වරේ?

5 මුළු ලොව මගේ වුණත්
ඒත් මදිමය දෙන්නට
මාගේ පණ හා සියල්ලත්
දුන්නත් මදි ඒ පෙමට

Text Information
First Line: තේජසේ කුමරා මළ
Title: තේජසේ කුමරා මළ
English Title: When I survey the wondrous cross
Author: Isaac Watts
Translator: John Simon de Silva
Meter: LM
Language: Sinhala
Copyright: Public Domain
Tune Information
Name: ROCKINGHAM
Composer: Carl P. E. Bach
Arranger: Edward Miller
Meter: LM
Key: E♭ Major
Copyright: Public Domain



Media
Adobe Acrobat image: PDF
MIDI file: MIDI
Noteworthy Composer score: Noteworthy Composer Score
More media are available on the tune authority page.

Suggestions or corrections? Contact us