15454. කන්දෙමි මම සොම්නසින්

1 කන්දෙමි මම සොම්නසින්
විස්මපත් දෙව් වදන්
යුත් පුවත් සුපසන් නොමින්
විස්මපත් දෙව් වදන්
දෙව් වදන් සුපසන්
ඉන් මට උගන්වන්

සුපසන් මයි විස්මපත් මයි
විස්මපත් දෙව් වදන්
සුපසන් මයි විස්මපත් මයි
විස්මපත් දෙව් වදන්

2 දුන් ලෝ සතට දෙව් වදන්
විස්මපත් දෙව් වදන්
පව් කරුවෙනි දෙව් සවන්
විස්මපත් දෙව් වදන්
දෙව්සැප ලබන්ට
දෙයි අණ සැමට

සුපසන් මයි විස්මපත් මයි
විස්මපත් දෙව් වදන්
සුපසන් මයි විස්මපත් මයි
විස්මපත් දෙව් වදන්

3 යේසු හිමි හඳුන්වන
විස්මපත් දෙව් වදන්
පව් කමාව දන්වා දෙන
විස්මපත් දෙව් වදන්
ලෝ සත මුදා දෙන්
යේසුස්නි දයාවෙන්

සුපසන් මයි විස්මපත් මයි
විස්මපත් දෙව් වදන්
සුපසන් මයි විස්මපත් මයි
විස්මපත් දෙව් වදන්

Text Information
First Line: කන්දෙමි මම සොම්නසින්
Title: කන්දෙමි මම සොම්නසින්
English Title: Sing them over again to me
Author: Philip Paul Bliss
Translator: C. H. Peirce
Language: Sinhala
Copyright: Public Domain
Tune Information
Name: [කන්දෙමි මම සොම්නසින්]
Composer: Philip Paul Bliss
Key: F Major or modal
Copyright: Public Domain



Media
More media are available on the tune authority page.

Suggestions or corrections? Contact us