15448. එඞේරු තම රැළවල් රකිත රෑ දිනේ

1 එඞේරු තම රැළවල්
රකිත රෑ දිනේ
සුර දුතයෙක් සුනිමල්
ආයේ බෝ තෙදිනේ

2 බියපත් එඬේරුන් හට
කීවයි දූත මෙසේ—
බිය නොවව් මම් සැමට
ගෙනෙම් හසුන් තොසේ

3 මෙදින දාවිත් නුවරේ
උපන්නයි තොපටා
සමිඳු ක්‍රිස්තුස් පවරේ
මිදුම්කරු තුමා

4 ඔතා සිහින් සළුවලින්
එහි ඔරුවක
තබා ඇත දෙව් කුමරුන්
එය ලකුණක

5 මෙ බස් කිව් පසු දෙවදූතූන්
දිස්විය විගසින්
දූත රැසක් යුතු තෙදින්
මෙසේ ගී නගමින්—

6 උස් තැන් දෙවි මහිමයත්
පොළොවෙහි සාමෙත්
මිනිසුන්ට කරුණාවත්
වේවා දැන් හා මතුත්

Text Information
First Line: එඞේරු තම රැළවල්
Title: එඞේරු තම රැළවල් රකිත රෑ දිනේ
English Title: While shepherds watched their flocks by night
Author: Nahum Tate
Translator: John Simon De Silva
Meter: CM
Language: Sinhala
Copyright: Public Domain
Tune Information
Name: WINCHESTER OLD
Meter: CM
Key: F Major or modal
Source: Whole Book of Psalmes, by Thomas Est, 1592
Copyright: Public Domain



Media
Adobe Acrobat image: PDF
MIDI file: MIDI
Noteworthy Composer score: Noteworthy Composer Score
More media are available on the tune authority page.

Suggestions or corrections? Contact us