15447. ඇදහිල්ලෙන් බලම්

1 ඇදහිල්ලෙන් බලම්
බැටළු පොව් උතුම්
කල්වරියේ
මා අයදුම් අසන්
සෑම පවින් මුදන්
බාරයි මා දිවි හිම්
ඔබටම

2 මෙත් ගුණ පා පෙමින්
මා සුවපත් කරන්
පුබුදුවන්
දිව් දුන් නිසා ගසේ
මා සිත්හි සොඳසේ
වේවා පෙම් වෙසෙසේ
ගින්නක් ලෙසින්

3 ජීවිත ගමන
දුක් පීඩා මැදින
යන කල
අඳුර දුරලා
සෝ දුක් ඉවත ලා
යන්ට නොවී මුළා
පෙන්වන් මඟ

4 මේ ලෙව්හි ගමන
අන්තිමේ යෝර්දාන
පසුකර
යන්ට සැදෑ සිතින්
සිත් බය දුරලන්
යේසුස්නී ගෙනයන්
මා දෙව්පුර

Text Information
First Line: ඇදහිල්ලෙන් බලම්
Title: ඇදහිල්ලෙන් බලම්
English Title: My faith looks up to thee
Author: Ray Palmer
Author: John Simon De Silva
Meter: 66.46.66.4
Language: Sinhala
Copyright: Public Domain
Tune Information
Name: OLIVET
Composer: Lowell Mason (1831)
Meter: 66.46.66.4
Key: E♭ Major
Copyright: Public Domain



Media
Adobe Acrobat image: PDF
MIDI file: MIDI
Noteworthy Composer score: Noteworthy Composer Score
More media are available on the tune authority page.

Suggestions or corrections? Contact us